• Breaking News

    Wednesday, June 17, 2015

    මුළු ලොවම එලිය කරන සුර්යයාගේ ඔබ නොදුටු විශ්මිත චායාරූප පෙළක් NASA ආයතනයෙන්


    NASA ආයතනයේ සුර්ය නැරඹුම් මැදිරියට (Solar Dynamic Observatory/SDO) වසර 5ක් සපිරුනා පමණි. එමගින් පැය 24 පුරාවටම මුළු සුර්යයාගේම අති පැහැදිලි චායාරූප ලබාදෙයි. ඉර මතුපිට සිදුවන අලංකාර පිපිරීම් සියැසින්ම දැකබලා ගැනීමට මෙමගින් ඉද ප්‍රස්තාව සලසයි. මේ විශ්මිත චායාරූප සදා විශ්මිත විශ්වය පිලිබඳව ඇති දැක්ම තව තවත් තීව්‍ර කිරීමට උපකාර කරයි.
    මෙම නිරීක්ෂණ යානයෙන් විද්‍යාඥයන්ට හිරුගේ අධි තීව්‍ර චායාරූප අධ්‍යනය කිරීමේ අවස්ථාව සැලසෙයි. හිරු රශ්මියේ තරංග ආයාම වල වෙනස්ම්කම් හා එමගින් විවිධ උෂ්ණත්ව ගණනය කිරීම සිදු කෙරේ. හිරුගේ අභ්‍යන්තරයේ සිදු වන රසායනික වෙනස්වීම්, සහ ඒ හේතුවෙන් ඇති වන පිපිරීම්, හිරුගේ මතුපිට උෂ්ණත්වයට වඩා අවට වායුගෝලයේ උෂ්ණත්වය 1000ස් ගුණයකින් වැඩි වීමට හේතුව සහ ක්ෂනයෙන් වෙනස් වන සුර්යයා වට ඇති චුම්භක ක්ෂේත්‍රය ගැන ද හොඳින් නිරීක්ෂණය කිරීමට මෙමගින් මග පෑදේ.
    SDO යනු නාසා ආයතනයේ ප්‍රථම තරුවක් සමග ජීවත් වීමේ වැඩසටහනයි. එය අපට වැදගත් වන්නේ එමගින් පෘථිවිය හා සුර්යයා අතර ඇති සම්බන්ධය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට ඉඩ සැලසීමයි. පහත වීඩියෝ පටය නරඹන්න. හැකිනම් Full HD වීඩියෝවක් ලෙස නරඹා මේ විශ්මිත රූපරාමු වල උපරිම අත්දැකීම විඳගන්න.

    No comments:

    Post a Comment

    Fashion

    Beauty

    Travel