• Breaking News

    Wednesday, June 17, 2015

    දිවුල් පිලිබදව ඔබ මෙම කරුණු දැන සිටියාද ?

    ශ්‍රී ලංකාව ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල වියළි කලාපයේ හටගන්න දිවුල් රසවත් පලතුරක්ම විතරක් නෙවෙයි. අපේ දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව දිවුල් කියන්නේ වටිනා ඖෂධයකි. රෝග රැසකට ගුණ දෙන රෝග රැසකට සුවය සලසන තවත් එක් පලතුරක් ලෙස දිවුල් හැඳින්වීමට  පුළුවන. දේශීය ආයුර්වේදයට අනුව අතීත ග්‍රන්ථවලත් මේ දිවුල් ශාකයේ පවතින ඖෂධීය ගුණ පිළිබඳව සඳහන් වේ. දිවුල් මල්, ගෙඩි, 

    කොළ, පොතු, මුල් කියන සෑම අංගයක්ම දේශීය ආයුර්වේදයේදී ලෙඩ රෝග සුව කරන්න ඖෂධ පිණිස යොදා ගනි.

    දිවුල් යනු වඳුරන් වැඩි වශයෙන් ප්‍රිය කරන පලතුරකි. ඒ නිසා මේ පලතුර ඉපැරැණි ආයුර්වේද ග්‍රන්ථවල කපිත්ත නමින් හඳුන්වයි. සවිමත් කටුවක් ඇති බැවින් දැඩි ඵල යනුවෙන්, දැඩි සුවඳකින් සමන්විත බැවින් ගන්ධ ඵල යනුවෙන් හඳුන්වනු ලබයි. දිවුල් ඵලයටම ආවේණික සුගන්ධවත් බවක් ඇත්තේ එහි සුවිශේෂ රසායනික සංඝටක බහුල බැවිනි. කැල්සියම්, යකඩ, ඛනිජ වර්ග මෙන්ම විටමින් Aලෑ වැනි පෝෂ්‍ය පදාර්ථ මෙහි අන්තර්ගත වේ. දිවුල් කාබෝහයිට්ඩ්‍රේට් ප්‍රෝටීන් බහුල පලතුරක් ලෙස හැඳින්විය හැක. ඖෂධ පිණිස ගැනීමේදී ඉදුණු, අමු සෑම වර්ගයකම ගෙඩි භාවිතා කල හැක.

    ලේ පිරිසුදු කරන දිවුල් ඔසුව


    දිවුල් කියන්නේ රුධිරය පිරිසුදු කරන අගනා ඖෂධයකි. දිවුල් මදවලින් ගත් යුෂ ස්වල්පයක් පෙරා අරගෙන එයට සීනි ස්වල්පයක්, හකුරු ස්වල්පයක් මිශ්‍ර කර වතුර වීදුරුවක් එයට දමා හොඳින් කලවම් කර බොන්න. දිනපතා උදෑසන සතියක් පමණ මේ පානය බොන්න. ඔබගේ රුධිරයේ විවිධ විෂ නැති කරන්නත් අහිතකර මේදය විනාශ කරන්නත් එය ඉතාම ගුණයි.

    උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.

    No comments:

    Post a Comment

    Fashion

    Beauty

    Travel