• Breaking News

    Wednesday, June 17, 2015

    නාසා ආයතනය පියාඹන පිරිසියක් යැවීමට සැරසෙයි.

    පියාඹන පීරිසියක ආකාරයට සැකසුනු අභ්‍යාවකාශ යානයක් නාසා ගගනගාමීන් පිරිසක් ද රැගෙන අඟහරු ග්‍රහයා වෙත යාමට හවායි වෙරල තිරයට ඔබ්බෙන් වූ ප්‍රදේශයක දී ගුවන් ගත කිරීමට සැරසෙන බව දැනගන්නට ලැබෙනවා. NASA ආයතනයේ “Low-Density Supersonic Decelerator” එක විශාල ඉහල උසකට යැවිය හැකි කාලගුණ බැලුනයකට සවි කිරීමට නියමිතයි. මේ බැලුනය මගින් මීටර් 36,500ක් තරම් ඉහල අහසේ දී ඒ කියන්නේ වායුගෝලයේ ගනකම වැඩිම ස්ථානය පසු කිරීමෙන් අනතුරුව යානය මුදාහැරෙන අතර එවිට යානයේ රොකට් ක්‍රියාත්මක වී ශබ්දයේ වේගය මෙන් දෙගුණයක වේගයෙන් යානය ගමන් කිරීමට නියමිතයි.
    මේ ආකාරයේ ගුවන් ගත කිරීමක් නාසා ආයතනය අත් හදා බලා ඇති පළමු අවස්ථාව නොවන අතර මින් පෙර අවස්ථාවක දී ඔවුන් අපේක්ෂා කල පරිදි සුපර් සොනික් පැරෂුටය ගමන් නොකළ අතර එම නිසා විවිධ වැඩි දියුණු කටයුතු සිදු කිරීමෙන් අනතුරුව යලිත් වරක් මෙය අත් හදා බැලීමට සැරසෙයි.
    මේ පිළිබඳව අදහස් දක්වමින් නාසා ආයතනයේ මාර්ක් ඇඩ්ලර් පවසා සිටියේ මෙහි සාර්ථකත්වය රඳා පවතින්නේ ඔවුන්ගේ නව සුපර් සොනික් පැරෂුටය මත බවයි. මෙහි සජීවී දසුන් සෑම දෙනාටම එවේලේම නැරඹීමට අවස්ථාව ලබා දෙන බව ද වැඩි දුරටත් පවසා සිටියා.
    මට කරන උදව්වක් විදිහට පහල AD එක ඔබගෙනම යන්න හොදේ 

    No comments:

    Post a Comment

    Fashion

    Beauty

    Travel