• Breaking News

    Wednesday, June 17, 2015

    අන්ධ පුද්ගලයන් හට ඇස් පෙනීම ලබාදෙන මේ උපකරණයෙන් ලැබෙන දසුන් ඔබ මවිත කරාවි...

    නවීන තාක්ශණයේ මෙම දායාදය හරහා අන්ධ පුද්ගලයින් හට නැවත ඇස් පෙනීම ලැබෙන බව නොඅනුමානයි."bionic eye" ලෙසින් හඳුන්වන මෙම කෘතිම ඇස අන්ධ පුද්ගලයින්ගේ දෘෂ්ටි විතාන පද්ධතිය යතාතත්වයට පත් කොට නැවත ඇස් පෙනීම ලබා දේ.

    මෙම උපකරණයේ බාහිර කැමරාවක්, බැටරියක් හා ශල්‍යකර්මයකින් ඇස පිටුපසට සම්බන්ධ වන ඉලෙක්ට්‍රෝඩ පද්ධතියක් තිබේ.ශල්‍යකර්මයෙන් පසුව පෙනෙන්නේ කුමක්ද?  Bionic Vision Australia හී පර්යේශකවරයෙකු වන Nigel Lovell මහතා තමන්ව මෙම කෘතිම ඇසෙන් පෙනෙන්නේ කෙසේද යන්න පහත Animation එකෙන් පෙන්වා ඇත. 


    මෙහි තිබෙන කැමරාවෙන් ලබාගන්නා දසුන් සකසන වෙත යැවීමෙන් අනතුරුව ඉහත ආකාරයෙන් දැකගත හැක.
    බාහිරව මෙම උපකරණය පෙනෙන්නේ මෙලෙසිනි.

    දැනට නිපදවා ඇත්තේ ඉලෙක්ට්‍රෝඩ 96ක පද්ධතියක් වුවත් ඉදිරියේදී එය ඉලෙක්ට්‍රෝඩ 1024ක් අන්තර්ගතකොට ඉතා පැහැදිලි රූප ලබා දීමට දියුණු කෙරේ. ඕස්ට්‍රේලියාවේ Bionic Vision පර්යේශකයින් හට මෙය සාර්ථකව ඉටු කරගැනීමට හැකිවේවායි අපි ප්‍රාර්ථනා කරමු.

    මට කරන උදව්වක් විදිහට පහල AD ඔබගෙන යන්න හොදේ...!!

    No comments:

    Post a Comment

    Fashion

    Beauty

    Travel